Guest User
December 9, 2024
Avenra Gardens Negambo හෝටලයේ Buffet එක නම් කවදාවත් යන්න හිතන්නවත් හොඳ නැති තැනක්. මෙයාල කරන්නේ 'THE LARGEST SPREAD OF THE SEASON' වගේ themes දාල social media වල sponsored ads දානවා. අපි ඒකට call කරාට පස්සේ කියනවා, අපට අදාළ table එක වෙන්කරන්න 50% advance payment එකක් කරන්න කියලා. අපි ඒ විදියට සල්ලි ගෙවල hotel එකට ගියාට පස්සෙ ගොඩක් අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙතැන ඉන්න restaurant manager කියන තලතුනා පුද්ගලයා සහ අනික් කාර්යමණ්ඩලය පැමිණ සිටින පිරිසෙන් තමන් කැමති අයවලුන් තෝරාගෙන, ඔවුන්ට අවන්හල ඇතුළත ආසන පැනවීම කරනු ලබන අතර, නම් ලැයිස්තුවේ වේලාසනින් අත්තිකාරම් මුදල් ගෙවන ලද අය සහ වේලාසනින් පැමිණ සිටින අය ගැන කිසිදු තැකීමකින් තොරව, තමන්ට රිසි අයට පමණක් අවන්හල ඇතුළත ආසන පැනවීම සිදු කරති. අනෙකුත් අයට දන්සලක පෝළිමක තෙරපෙනවා මෙන් තෙරපි තෙරපී, කාළය ගෙවා දැමීමට සිදු වේ. කිසිදු පදනමක් හෝ නිර්නායකයන් නැතිව, තමන්ට රිසි සේ අනිකුත් පාරිභෝගිකයන් හට එළිමහනේ පිහිනුම් තටාකය අසල ආහාර ගැනීමට සලස්වති. කිසිදු සෙවණක් නොමැතිව, මැස්සන් වැනි කෘමි සතුන් බහුල පිහිනුම් තටාකය අසල බාල ප්ලාස්ටික් පුටු වල වාඩි වී ආහාර ගැනීමට සිදු වේ. පිහිනුම් තටාකයේ නෑමට පැමිණි අය අසල ම විවෘත ස්ථානයක සිටිමින්, ආහාර ගැනීමට සිදුවීම ඉතා අමිහිරි අත්දැකීමක් වනු ඇත. ආහාර බෙදා ගෙන පැමිණීම සඳහා වරින් වර, පිහිනුම් තටාකය අසල සිට කොරිඩෝව දිගේ මීටර් 50ක් පමණ ගමන් කිරීමට සිදු වේ. මෙම අමිහිරි අත්දැකීම විඳ දරා ගැනීම ඉතා අපහසු වන අතර, තමන් ඊට අකැමැති බව පවසා ගෙවන ලද මුදල් ආපසු ගෙවන ලෙස පැවැසූ විට, එම මුදල් ආපසු ගෙවීමට කාර්යමණ්ඩලය දැඩි මැළිකමක් දක්වති. රටේ ඕනෑ තරම් අවන්හල් තිබියදී, මෙවැනි ස්ථානයකට ආහාර ගැනීමට ගැනීමට යාම ගැන ඔබට බොහෝ පසුතැවීමට සිදුවනු ඇත.